එන්නත් මාත්‍රා මිලියන 500 ක් දෙනවා



එන්නත් මාත්‍රා මිලියන 500 ක් මිලදී ගෙන, එය නොමිලේ ලොවට බෙදා දීමට තම පරිපාලනය සූදානම් බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බවසයි.

ජෝ බයිඩන් මෙසේ පැවැසුවේ, ඇමෙරිකා ජනාධිපති ලෙස සිය පළමු විදෙස් සංචාරය අරඹා මහා බ්‍රිතාන්‍යයට පැමිණි පසුවය.

මිලදී ගෙන නොමිලේ බෙදා දෙන බව බයිඩන් පැවැසුවේ 'ෆයිසර්' එන්නතය. ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම ඔවුන්ගේ මෙම ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවීම සිදු කළේ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ හවුලේය.

එන්නත් මාත්‍රා මිලියන 500 සෙසු රටවලට ප්‍රදානය කිරීම වසර දෙකක් තුළ සිදුවනු ඇතැයි බයිඩන් පවසා ඇත. එන්නත් මාත්‍රා මිලියන 500 න්, මිලියන මාත්‍ර 200ක් එම 2021 වසර තුළ ලබා දෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

ඉතිරි එන්නත් මාත්‍රා 300 ක ප්‍රමාණය 2022 වසරේ ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කර තිබේ. දිළිඳු රවටල එන්නත්කරණය ඉහළ නැංවිම මෙහි අරමුණ යැයි ද ඇමෙරිකන් ජනාධිපතිවර්‍යා මාධ්‍ය හමුවේ පවසා ඇත.

ජනාධිපති බයිඩන් ද ලබාගෙන ඇත්තේ මෙම 'ෆයිසර්' එන්නතය. ඇමෙරිකානුවන් බොහෝ දෙනකුට ද 'ෆයිසර්' එන්නත් ලබා දී ඇත. ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට 'ෆයිසර්' එන්නත් ලබා දීම අඛණ්ජව සිදුවෙයි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS