ඇෆ්ගන් වැසියන් අමාරුවේ දමන්න බෑ



ඇෆ්ගන් වැසියන් මානුෂීය ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවත්, මේ අවස්ථාවේ ඔවුන් හුදෙකලා කර, තව තවත් අමාරුවේ වැටෙන්න ඉඩ දීම කළ නොහැකි බවත් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඩොබෝරා ලියොන්ස් පවසයි.

ඇෆ්ගන් සිවිල් වැසියන් අර්බුද රැසකට මුහුණ පෑවේ, ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත්, තලේබාන්වරුන් යළි රටේ බලය අල්ලා ගැනීමත් සමඟය. අද වනවිට ඇෆ්ගන් වැසියන්ගෙන් පමිලියන 38 ක් (ජනගහනයෙන් සියයට 60ක්) ආහාර නැතිව අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටින බව පැවැසෙයි.

විශේෂ නියෝජිත ඩොබෝරා ලියොන්ස් පෙන්වා දී ඇත්තේ තලේබාන් පාලනයට විරෝධය දැක්වූවත් ඇෆ්ගන් සිවිල් වැසියන්ට පිටුපෑම කළ නොහැකි බවය. ලියොන්ස් මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අවස්ථාවේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS