ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයට නව සභාපතිවරයෙක්



ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන්වරුන් අතට පත් වී අවසන්ය. සියලු රාජ්‍ය ආයතන තලේබාන් අණසක යටතේ පවතී.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අසිසුල්ලාහ් ෆස්ලි පත් කර තිබේ. ඒ, තලේබාන්වරුන්ගේ කැමැත්ත සහ අනුමැතිය පරිදිය.

තලෙබාන් සංවිධානය සමග ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සාකච්ඡා පැවැත් වූ බවත් ඉන් අනතුරුව අසිසුල්ලාහ් ෆස්ලි නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

2018 වසරේදී ඔහු මාසයක කාලයක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කර තිබුණි. එමෙන්ම ඇෆ්ගනිස්තානය තුළ ක්‍රිකට් ආරම්භ කිරීමට කැපවු අයෙකු ලෙස අසිසුල්ලාහ් ෆස්ලි සැලකෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS