ස්ත්‍රී දූෂකයන් වන්ධ්‍යාකරණයට අනුමැතිය



ස්ත්‍රී දූෂකයන් රසායනික වන්ධ්‍යාකරණයට ලක් කිරීමේ පනත් කෙටුම්පත පාකිස්තාන පාර්ලිමේන්තුවට යොමු කෙරුණු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊට හිමිවිය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ උපදෙස් අනුව, මෙම නව පනත් කෙටුම්පත හඳුන්වා දීම සිදුවූයේ මීට වසරකට පෙරය. ඊට පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විගේ අනුමැතිය හිමිවිය. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ ඉන් අනතුරුවය.

පෝලන්තය, දකුණු කොරියාව, චෙක් ජනරජය පමණක් නොව ඇමෙරිකාවේ ඇතැම් ජනපදවල ද ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් වන අපරාධකරුවන් රසායනික වන්ධ්‍යාකරණයට ලක් කිරීම සිදුවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS