මෙලින්ඩා වසර දෙකක් බිල් ගේට්ස් ළඟ



සැමියා බිල් ගේට්ස්ගෙන් දික්කසාද වුවත්, ඉදිරි වසර දෙකක කාලය තමන්ට ඔහු සමඟ රාජකාරි කටයුතුවල නියැළීමට සිදුවනු ඇතැයි මෙලින්ඩා ෆෙන්ච් ගේට්ස් පවසා තිබේ.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම යන නමින් පුණ්‍යායතනයක් ඇති අතර ලොව පුරා සමාජ සේවා කටයුතු රැසක් සිදුවන්නේ මෙම ආයතනය හරහාය. මේ වනවිට දිළිඳු රටවලට 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව එන්නත් ලබා දීම ද මෙම පුණ්‍යායතනය හරහා සිදුවෙයි.

සැමියා බිල් ගේට්ස්ගෙන් දික්කසාද වුවත්, පුණ්‍යායතනයේ කටයුතු පිළිවෙළක් කිරීමට ඇති බැවින්, වසර දෙකක් තමන්ට බිල් ගේට්ස් සමඟ එකට වැඩ කරන්න සිදුවන බව මෙලින්ඩා පවසා ඇත.

බිල් ගේට්ස් සහ මෙලින්ඩා වසර 27 ක විවාහ දිවිය අවසන් කරමින් දික්කසාද වීමට තීරණය කළේ පසුගිය මැයි මාසයේය. බිල් ගේට්ස් යනු මයික්‍රොසොෆ්ට් සමාගම පිහිටුවූ කෝටිපති ව්‍යාපාරිකයාය. 

මෙලින්ඩා ද ව්‍යාපාරික කාන්තාවක වන අතර ඇය ලේඛිකාවකි. දික්කසාද වීමට තීරණය කළේ යැයි දෙදෙනා ට්විටර් පණිවුඩයකින් නිවේදනය කළේ පසුගිය මැයි 3 වැනිදාය.

(රොයිටර්)


RECOMMEND POSTS