බෙලරූසයට න්‍යෂ්ටික අවි දෙනවා - පුටින් කියයි



අසල්වැසි බෙලරූස් රාජ්‍යයට න්‍යෂ්ටික අවි ලබා දෙන බවත්, ඒවා උපායශීලීව, බෙලරූසයේ ස්ථාන කීපයක ස්ථානගත කර තබන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියන් ජනාපධිති පුටින් මෙම තීරණය ගෙන ඇත්තේ රුසියාවට හෝ බෙලරූසයට හෝ යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් බටහිරින් සතුරු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බැවිනි. බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරාය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට හමුදා යැවීම කළේ බෙලරූසය හරහාය. බෙලරූසය, රුසියාව සහ යුක්රේනය අසල්වැසි රටවල්ය.

කෙසේ නමුත් රුසියානු ජනාපධිති ව්ලැදිමීර් පුටින් ගත් මෙම තිරණය යුක්රේන අර්බුදය තවත් උත්සන්න කිරීමට හේතු වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS