ඉන්දුනීසියාවේ සතියකට දරුවෝ 100 ක් මැරෙනවා



'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතියෙන් ඉන්දුනීසියාව දරුණු ලෙස බැටකමින් සිටින බවත්, මේ වනවිට එක් සතියකට එරට කුඩා දරුවන් 100 දෙනකු කොරෝනා වයිරසයට බිලිවන බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගතවුණු සති කීපය පුරා සතියකට දරුවන් 100 දෙනකු බැගින් ජීවිතක්ෂයට පත් වුණු බවත් මේ වනවිට කොරෝනාවට බිලිවුණු දරුවන් ගණන 1,245 ක් බවත් ඉන්දුනීසියානු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සන්සදය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 3,892,479 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 1,20,013 ක් ලෙසය.

(රොයිටර්)

 


RECOMMEND POSTS