ශීක් වන්දනාකරුවන්ට පාකිස්තාන දේශසීමා ඇරේ



ශීක්වරුන්ගේ පූජනීය ස්ථාන ලෙස සැලකෙන පාකිස්තානයේ පිහිටි 'කර්ටර්පූර් සහීබ් ගුර්ඩට්වාරා' සහ 'ඩෙරා බාබා නනාක්' දේවස්ථාන වන්දනාවට ශීක්වරුන්ට අවසර දෙන බව පාකිස්තානය පවසයි.

ඒ අනුව, ඉන්දු පාකිස්තාන දේශසීමාවේ කර්ටර්පූර් දේශසිමා පිවිසුම විවෘත කිරීමට ද පාකිස්තාන රජය පියවර ගෙන ඇත. 'කර්ටර්පූර් සහීබ් ගුර්ඩට්වාරා' සහ 'ඩෙරා බාබා නනාක්' යන දේවස්ථාන පිහිටා ඇත්තේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ සිට කිලෝ මීටර් 4 ක් පාකිස්තානය තුළය.

කර්ටර්පූර් දේශසිමා පිවිසුම විවෘත කරමින්, ශීක්වරුන්ට දේවාල වන්දනා කිරීමට අවස්ථාව ලබා දීමට පාකිස්තාන රජය පළමු වරට පියවර ගත්තේ 2019 වසරේදීය. එසේ වූයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තීරණයකට අනුවය. එය ඉන්දියාවේත් ලොව සෙසු ශීක් වැසියන්ගේන් පැසැසුමට හේතුවක් විය. කර්ටර්පූර් දේශසිමා පිවිසුම 'සාම කොරිඩෝවක්' ලෙස ද සැලකෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS