රුසියාව ’සුපර්සොනික්’ මිසයිලයක් අත්හදා බලයි



රුසියාව සුපර්සොනික් වර්ගයේ දිගු දුර කෲස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය. 'සික්‍රොන් සුපර්සොනික් කෲස් මිසයිලය' යනුවෙන් හැඳින්වෙන මෙය රුසියානු හමුදාවට එක් කෙරෙන ප්‍රබලතම අවිය වනු ඇති බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

රුසියාව මේ වනවිට ඇමෙරිකාව සමඟත් බටහිර රටවල් සමඟත් අර්බුදවලට පැටැළී සිටී. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සහ මේ දිනවල නිර්මාණය වී ඇති බෙලරූස්-පෝලන්ත අර්බුදය සම්බන්ධයෙන් ද බටහිර රටවල් සහ රුසියාව අතරේ මත ගැටුම් පවතී.

රුසියාව වැඩි වැඩියෙන් ඔවුන්ගේ යුද ශක්තිය වර්ධනය කර ගැනීමට උනන්දුවක් දක්වන බව පෙනෙන්නේ මේ නිසාය. රුසියාවට අයත් ආක්ටික් මුහුදු කලාපයේ දී 'සික්‍රොන් සුපර්සොනික් කෲස් මිසයිලය' සාර්ථකව අත්හදා බැලීම සිදුවිය.

(රොයිටර්)

 


RECOMMEND POSTS