රුසියාව යුද අපරාධ කරනවාදැයි සොයනවා



රුසියාව, යුක්රේනයේ යුද අපරාධ සිදු කරනවාදැයි සොයා බලන බව ලෝක සෞඛ්‍ය සංවාධානය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය රුසියාව යුක්රේනයේ සිදුකරන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලන්නේ, යුක්රේනයේ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන 200 කට රුසියන් හමුදාවෙන් ප්‍රහාර එල්ල වී ඇති බැවිනි.

‘යුක්රේනයේ ප්‍රධාන නගර රැසක රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව පහර දී ඇතැයි යුක්රේන රජය චෝදනා කරනවා. එම චෝදනාවල සත්‍ය අසත්‍ය බව ලොවට හෙළි කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට වගකීමක් තිබෙනවා. අප විමර්ශන ආරම්භ කර තිබෙනවා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි මෙහෙයුම් සම්බන්ධ ප්‍රධානී මයික් රයන් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS