යුක්රේනයට යෑමේ අදහසක් නැහැ



තමන් යුරෝපා සංචාරයක් ආරම්භ කරන නමුත්, එම සංචාරය අතරතුරේ යුක්රේනයට යෑමේ බලාපොරොත්තුවක් නොමැති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ යුරෝපා සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අවස්ථාවේදීය.

යුක්රේන රුසියන් අර්බුදයේ දී යුක්රේනයට සහාය දක්වන බටහිර නායකයන් බොහෝ දෙනකු යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ඇමෙරිකන් ජනාධිපති ආර්යා ජිල් බයිඩන් පවා යුක්රේනයට ගොස් රුසියන් ප්‍රහාර හමුවේ අවතැන් වුණු යුක්රේන දරුවන් ගැන සොයා බැලීමක් කළාය.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට, බයිඩන් යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවුවහොත්, රුසියාවත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදය උත්සන්න වනු ඇති බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS