මෝදි ඔස්ට්‍රේලියාවට



දින හයක නිල සංචාරයක් සඳහා ඉකුත් සිකුරාදා ඉන්දියාවෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (23) ඔස්ට්‍රේලියාවට පැමිණියේ ය.

ජපානය, පැපුවා නිව්ගිනිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ත්‍රිත්වයේ සංචාරය කිරීම අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සිකුරාදා දින හයක සංචාරයක් ආරම්භ කළේ ය.

ඉන්දීය මෙම සංචාරය අතරතුර දී ජී7 සමුළුවට ද සහභාගී විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුලින් ම ජපානයේ සංචාරය කළ අතර ඉන් අනතුරුව පැපුවා නිව්ගිනියාවේ සංචාරය කළේ ය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පැපුවා නිව්ගිනියාවේ සංචාරය කළ පළමු අවස්ථාව එය වේ. පැපුවා නිව් ගිනියාවේ පැවැති ඉන්දු-ශාන්තිකර දූපත් සහයෝගීතාව සමුළු සම්මේලනයේ සම සභාපතීත්වය ද හෙබවීය. මෙම සමුළුව මෙවර පැවැත්වුණේ තෙවැනි වරට ය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජපාන සහ පැපුවා නිව්ගිනියා සංචාර අවසන් කරමින් ඊයේ (23) ඔස්ට්‍රේලියාවට පැමිණි අතර  එහිදි ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඔස්ට්‍රේලියාවේ දී ‘ක්වොඩ්’ නායක සමුළුවට ද සහභාගී වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය ඔස්ට්‍රේලියානු සංචාරය අවලංගු කිරීමත් සමඟ ක්වොඩ් නායක සමුළුව නොපැවැත්වෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ ය. ණය සීමා ව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු සංචාරය අවලංගු කළේ ය.

ජී7 සමුළුව ජපානයේ හිරෝෂිමාහිදි පැවැත්වුණු එහිදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනෙක් රටවල් සමඟ සාමය, ස්ථාවරත්වය, සහ සෞභාග්‍ය සම්බන්ධයෙන් මෙන්ම ආහාර, පොහොර, බලශක්තිය, දේශගුණික විපර්යාස සහ පරිසරය සහ සංවර්ධනය සහයෝගීතාව සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීය.

‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’


RECOMMEND POSTS