මිසයිල යවනවා බලන්න දියණියත් ඇවිල්ලා



උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය.

38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දියණිය කිම් චූ ඒගේ අතින් අල්ලා ගනිමින්, මිසයිල අත්හදා බැලීමට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ (19) ය. මිසයිල අත්හදා බැලීමට කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ද එක්වී සිටීම ද විශේෂත්වයකි.

නායක කිම් ජොන් උන් සහ ඔහුගේ පවුල් ජීවිතය ලෝකයාට රහසකි. ඔහුට දරුවන් කී දෙනකු සිටිනවාදැයි ලෝකයා දන්නේ නැත. උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටින රාජ්‍යයකි. ඒ, උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එරටට පනවා ඇති සම්බාධක නිසාය.

මාධ්‍ය වාර්තා අනුව, කිම් ජොන් උන්ට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. දියණිය කිම් චූ ඒගේ වයස අවුරුදු 12 ක් හෝ 13 ක් වන්නට බටහිර මාධ්‍ය අනුමාන කර ඇත.

දියණිය කිම් චූ ඒ ගැන මාධ්‍ය හරහා පළමු වරට වාර්තාවක් පළ වූයේ 2013 වසරේ දී ඇමෙරිකන් විශ්‍රාමික බාස්කට් බෝල් ක්‍රීඩකයකු මෙන්ම හොලිවුඩ් නළුවකු ද වන ඩෙනිස් රොඩ්මන් උතුරු කොරියාවේ සංචාරයකට ගිය අවස්ථාවේදීය. රොඩ්මන්, පසුව මාධ්‍ය හමුවේ පවසා තිබුණේ තමන් කිම් ජොන් උන්ගේ සිඟිති දියණිය වඩාගෙන සුරතල් කළ බවය.

නායක කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකත්වයට පත් වූයේ පියා කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසුවය. කිම් ජොන් උන්ට නැගණියක සිටී. ඇය කිම් යෝ ජොංග්ය. මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, කිම් ජොන් උන්, නැගණියට ද සම බලතල පවරා තිබේ. කිම් ජොන් උන්ගේ අභාවයෙන් පසු උතුරු කොරියාවේ නායකත්වය හිමිවනු ඇත්තේ කාටදැයි මෙතෙක් අනාවරණය වී

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS