නයිජීරියාවෙන් ලාසා ආසාදිතයෝ 105 ක්



නයිජීරියාවෙන් ලාසා වයිරස ආසාදිතයන් 105 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊට අමතරව, තවත් ආසාදිතයන් යැයි සැක කරන 369 දෙනකු ගැන එරට සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.

පසුගිය ජනවාරි මස 2 වැනිදා සහ 15 වැනිදා අතර, කාලය තුළ මෙම ආසාදිතයන් හමුවී තිබේ. නයිජිරියාවේ ප්‍රාන්ත 10ක එය ව්‍යාප්තව ඇතැයි සෞඛ්‍ය අංශ අනුමාන කරයි. ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වයිරසයක් වැනි ලාසා, මීයන් වැනි ලෑටිගාන සතුන්ගේ මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි.

ලාසා වයිරස, පළමු වරට හඳුනා ගැනීම සිදුවූයේ නයිජිරියාවේ ඊසානදිග බෝනෝ ප්‍රාන්තයෙනි. ඒ, 1969 වසරේදීය. උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පවසති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS