දින දෙකක් සිරවුණු දරුවා බේරා ගැනෙයි



ඉන්දුනීසියානු භූමිකම්පාවට හසුවී, දින දෙකකට ආසන්න කාලයක්, නිවසේ සුන්බුන් අතරේ සිරවී සිටි හය හැවිරිදි කුඩා දරුවකු මුදා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.

අස්කා මෞලානා මලීක් නමැති මෙම දරුවා චියැංජූර් නගරයේ පදිංචිකරුවෙකි. පසුගිය 21 වැනිදා ප්‍රබල භූමිකම්පාව හටගත්තේ චියැංජූර් නගරය කලඹමිනි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ 5.9 ක් ලෙසය.

ඇඳේ මෙට්ටය දරුවාට ආරක්ෂාව සලසා ඇති බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. දරුවා අසල ඔහුගේ මියගිය අත්තම්මා සිටි බව ද පැවැසෙයි. භූමි කම්පාව හටගත් අවස්ථාවේදී ඇය පෙට්ටය දරුවාගේ සිරුර මතට දමා ඔහු බේරා ගන්න ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් වැඩි දුරටත් පවසා ඇත.

භූමි කම්පාවෙන් මියගිය ගණන 280 ට ආසන්න වී තිබේ. තවමත් 41 ක් අතුරුදන් බව පැවැසෙයි. ඔවුන් ද මියගොස් ඇතැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවෙයි. භූමි කම්පාව හේතුවෙන් තුවාල ලැබූ ගණන 2,000 කි.

(රොයිටර්)


RECOMMEND POSTS