දකුණු කොරියාවේ ගින්නක් නිවාස 40 ක් විනාශයි



දකුණු කොරියාවේ සෝල් අගනුවර, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස පිහිටා ඇති ප්‍රදේශයක හටගත් ගින්නකින් නිවාස 40 ක් විනාශ විය.

ගින්න හටගත්තේ නිවාස 660 ක් පිහිටි ප්‍රදේශයක බව ද පැවැසෙයි.

ගින්න පැතිරෙද්දී, 500 නට වැඩි පිරිසක් නිවාසවලින් පිටතට ගෙන ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ.

ගිනි නිවන භටයන් 290 දෙනකු, හෙලිකොප්ටර් 10 ක් සහ පොලිස් නිලධාරීන් බොහෝ දෙනකු ගින්න නිවා දැමීමේ මෙහෙයුම්වල නියැලුණු බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS