ජර්මන් චාන්සලර් ප්‍රංශ ජනපති හමුවෙයි



ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, ප්‍රංශයේ පැරිස් නුවර ‘ඉලීසේ’ ජනාධිපති මන්දිරයේ දී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් පමණක් නොව, ඔහුගේ කැබිනට් මණ්ඩලයම ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණියේය. ඒ, කලක් සතුරුන් වූ ජර්මනිය සහ ප්‍රංශය යුරෝපා සංගමයේ මැදිහත් වීමෙන් මිතුරන් බවට පත් වී වසර 60 ක් සපිරීමේ විශේෂ උත්සවයට සහභාගී වීමටය. උත්සවය පැරිස් අගනුවර සෝබෝන් විශ්ව විද්‍යාලයේ දී පැවැත්විණි.

සෝබෝන් විශ්ව විද්‍යාලයේ පැවැති උත්සවයට ජර්මන් සහ ප්‍රංශ මැති ඇමැතිවරුන් 300 කට වැඩි පිරිසක් එක් වී සිටි බවත් ඔවුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණි.

පසුගිය කාලයේ රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන් හටගත් බලශකත්ති අර්බුදය මුල්කොට ගනිමින් ජර්මනිය සහ ප්‍රංශය අතරේ මත ගැටුම් නිර්මාණය විය. එම ගැටුම් සමතයකට පත් කර ගැනීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ ඉලිසේ මාලිගයේ දී සාකච්ඡා පැවැත්වූයේ එම අර්බුදය සම්බන්ධයෙනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS