ක‍්‍රීඩිකාවට වසර 9 ක සිරදඬුවමක්



නීතිවිරෝධී අයුරින් රුසියාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමට තැත් කිරීම සම්බන්ධයෙන් වැරදිකාරිය ඇමෙරිකන් කාන්තා බාස්කට් බෝල් ක‍්‍රීඩිකා 31 හැවිරිදි බ්‍රිට්නි ග‍්‍රිනර් ට රුසියන් අධිකරණයක් වසර 9 යි මාස 6 ක සිර දඬුවමක් සහ රුසියානු රූබල් මිලියනයක දඩයක් නියම කර තිබේ.

බ්‍රිට්නි ග‍්‍රිනර් පසුගිය පෙබරවාරි 17 වැනිදා රුසියන් ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගැණුනේ ඇගේ ගමන් මල්ලේ ‘හෑෂ් ඔයිල්’ ඇසුරුම් ඇගේ ගමන් මල්ලේ තිබුණු බැවිනි. ‘හෑෂ් ඔයිල්’ ගංජා තෙල් සහ හෂීෂ් ලෙස ද හැඳින්වෙයි.
විභාගයේදී බ්‍රිට්නි ග‍්‍රිනර් වරද පිළිගත් අතර හඬා වැටෙමින් ඇය පැවැසුවේ, තමන් කලබලයෙන් ගමන් මල්ල අසුරද්දී හෑෂ් ඔයිල් ඇසුරුම් ඊට දමා ගෙන ඇති බවය. එය තමන් සිතාමත් කළ දෙයක් නොවන බව ද ඇය අධිකරණය හමුවේ පැවැසුවාය.

රුසියාවේදී හෑෂ් ඔයිල් ළගා තබා ගැනීමේ වරදට දිය හැකි උපරිම දඬුවම අවුරුදු 10 ක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති බ්‍රිට්නි ග‍්‍රිනර්, අයුක්ති සහගත ලෙස සිරගත කර ඇතැයි ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළ අතර රුසියානු බලධාරීන් පැවසුවේ නීතිය කාටත් පොදු බවය.

(රොයිටර්)


RECOMMEND POSTS