කොලරා වසංගතයක්: 15 ක් මියයති



දකුණු අප්‍රිකාවේ කොලරා වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී. දකුණු අප්‍රිකා වැසියන් රජයට චෝදනා කරන්නේ බීමට හෝ ගෙදරදොර කටයුතු කරගෙන යෑමට පිරිසුදු පානීය ජලය නිසි ලෙස නොලැබීම කොලරා වසංගතයට හේතුවක් බවය.

කොලරා වසංගත තත්ත්වය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇත්තේ ගුටෙන්ග් පළාතේය. දකුණු අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන පළාතක් ලෙස සැලකෙන්නේ ගුටෙන්ග්ය.

ගුටෙන්ග් රෝහල් සියල්ල කොලරා රෝගීන්ගෙන් පිරී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ වනවිට කොලරා රෝගීන් 100 කට වැඩි දෙනකු ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, මරණ 20 ක් වාර්තා වන බවත් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.

රෝහල්ගත කළ 100 දෙනාගෙන් 37 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS