ඔක්සිජන් නැතිව රෝගීන් අමාරුවේ



ඉන්දුනීසියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 33 දෙනෙක් ඔක්සිජන් හිඟවීමෙන් මියගොස් තිබේ.
කොවිඩ් වෛරස ආසාදන දරුණු ලෙස ඉහළ යමින් ඇති ඉන්දුනීසියාවෙන් මේ වනවිට 25,000ස ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පවතී.

දෛනිකව වාර්තාවන රෝගීන්ට සාපේක්ෂව පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම එරට සෞඛ්‍ය අංශවලට එල්ලවී ඇති දැඩි අභියෝගයකි. විශේෂයෙන්ම ද්‍රව ඔක්සිජන් හිඟය නිසා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම වඩාත් දුෂ්කර වී තිබේ.

ජාවා දූපතේ පිහිටි රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 33 දෙනෙක් ඉකුත් සෙනසුරාදා මියගොස් තිබුණේ රෝහලේ ඔක්සිජන් අවසන් වී තිබූ පසුබිමකය. සති අන්තයේදී එම රෝහලට ඔක්සිජන් ලැබී තිබුණේ බෙහෙවින් ප්‍රමාද වී බව රෝහල් වාර්තා සඳහන් කර තිබුණි.

මැනිලාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS