ඉන්දියාවත් රුසියාවත් අතර මිතුදම් අලුත් වෙයි



උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර නුවර පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්විණි.

ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වීම සඳහා සමර්කාන්ද් බලා පැමිණි අවසන් රාජ්‍ය නායකයා වූයේ ද අග්‍රාමාත්‍ය මෝදිය. රුසියාව, චීනය, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය, කසක්ස්තානය, ටජිකිස්තානය, කිර්ගිස්තානය යන රටවල් සහභාගී වෙයි.

යුක්රේනය සම්බන්ධයෙන් අර්බුදයේ දී බටහිරට සහාය දැක්වූවත්, ඉන්දියාව රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වයි. සම්බාධක මැද වුවත්, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගනී.

සමුළුවට සමගාමීව පැවැති හමුවේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් බටහිර රටවලින් එල්ල වන කෙණෙහිලිකම් මැද රුසියාව සහ චීනය අතර ශක්තිමත් මිතුදම් පැවැතීම ඉතා වැදගත් බවය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි සමුළුවට සහභාගී වුණු ඉරාන ජනාධිපති මොහොමද් රයිසි සහ
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ හෝ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුනොවනු ඇතැයි ද පැවැසිණි. ඉරාන ජනාධිපති රයිසි සමුළුවට සහභාගී වන්නේ විශේෂ ආරාධිතයකු ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS