අශීන් චිරතු හිමියන්ට නිදහස



ලොව පුරා විවාදාත්මක චරිතයක් වූ මියන්මාරයේ අශින් විරතු හිමි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරට හමුදා ජුන්ටාව පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තාකර තිබේ.

කෙසේ නමුත් ඊට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් හමුදා පාලකයන් විසින් අනාවරණය කරනු ලැබ නැත.
මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් විරෝධී, අන්ත ජාතිවාදී භික්ෂුවක ලෙස සැළකෙන විරතු හිමියන්ට සිවිල් රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනා එල්ල වී තිබිණි.

මෙම චෝදනා එල්ල කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කෙරුණු අවුන් සාන් සූ කීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රාවදී පාලනය විසිනි.

සූ කී ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගයේ පාලනයට එරෙහිව විරතු හිමි ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර මිලිටරි හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. සූ කී පාලනයට එරෙහිව මතු වූ අරගලවල ප්‍රධානියෙකු ලෙස ද විරතු හිමියෝ කටයුතු කළහ.

පසුගිය නොවැම්බර් මාසයේදී විරතු හිමි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නමුත් සැඟවී පලා ගියේය. මේ වනවිට විරතු හිමි හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද මියන්මාර පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS