මන්කි පොක්ස් ගැන බියක් එපා



මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් නිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්රියාත්මක වන නිසා අදාල ආසාදිතයා කඩිනමින් හදුනා ගැනීමට හැකි වූ බවද අසේල ගුණවර්ධන මහතා කීය. වෛද්යවරයා මේ බව පැවසුවේ අද (4) සෞඛ්ය අමාත්යාංශයේ දී මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් කරමිනි.

මෙම රෝගී තත්ත්වය පැපොල වැනි රෝගී තත්ත්වයක් බවත්, මෙම රෝගය පිළිබදව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස සෞඛ්ය ආයතන ප්රධානීන්ට උපදෙස් දී ඇති බවත් කී සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා, සැක සහිත රෝගීන් පිළිබදව සෞඛ්ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවද කීවේය.

වසංගත රෝග විද්යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සමිත ගීගනගේ මහතා පැවසුවේ ශරීරයේ පළු, ලප ඇති වීම මෙහි රෝග ලක්ෂණයක් බවයි. වෛරසය ආසාදිතයෙකුගේ තුවාල වල ශ්රාවය තවත් කෙනෙකුගේ ශරීරයේ දැවටීමෙන් හා ලිංගිකව මෙම රෝගය සම්ප්රේෂණයවීමේ හැකියාවක් ඇතැයි කී වෛද්යවරයා වාතය හෝ බිදිති මගින් බෝවීමට ඇත්තේ ඉතාම අවම හැකියාවක්ය බව ද පැවසීය.

(ඩයනා උදයංගනී විතාන)

 


RECOMMEND POSTS