බලු සුරතලුන්ට ව්‍යායාම මධ්‍යස්ථානයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවර සුනඛයින් සඳහා ගෘහස්ථ ව්‍යායාම මධ්‍යස්ථානයක් විවෘත කර ඇති බව වාර්තා වේ.

සියලුම වර්ගවල සුනඛයන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යායාම මධ්‍යස්ථානයක් ලබා දීමට සහ සුනඛයින්ට ව්‍යායාම කිරීම සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කිරීම ප්‍රධාන අරමුණ බව “Posh Pets“ ව්‍යායාම මධ්‍යස්ථානයේ හිමිකරු, මන්සූර් අල් හම්මාඩි ප්‍රකාශ කළේ ය,

මගේ සුනඛයා ඉතා උද්යෝගිමත්ව මෙහි පැමිණෙන බවත්, මෝටර් රථයෙන් පිටව යන මොහොතේ ව්‍යායාම මධයස්ථානය හඳුනාගෙන ඒ දෙසට යාමට පටන් ගන්නා බවත්, ව්‍යායාම කිරීමෙන් පසු සුනඛයාට සුවපහසුවක් දැනෙන බව “Posh Pets“ මධයස්ථානයේ පාරිභෝගිකයෙකු වන මොහොමඩ් හමීඩ් බිල්බේසි පැවසීය. 

කිසිවෙකුගේ සහයක් නොමැතිව සුනඛයින් සිය කැමැත්තෙන් දිවීම, පැනීම සහ ට්‍රෙඩ්මිල් මත ඇවිදීම වැනි ව්‍යායාම්වල නිරත වන බව හිමිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)


RECOMMEND POSTS