ලාභය නොසිතා රට ගොඩගන්න වැඩ කරන්න



මෙරට සංචාරයක නියැලෙන රොටරි ඉන්ටර්නැෂනල් සංවිධානයෙහි ප්‍රථම කාන්තා සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ සියලුම ආයතනවලින් විශේෂ ඉල්ලීමක් කළාය.

ඒ, ලාභය හෝ පහළම මායිම් කෙරෙහි පමණක් අවධානය යොමු නොකර, රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට, සමාජ, පාරිසරික සහ මූල්‍ය ප්‍රතිඵලවල ත්‍රිත්ව පහළම මායිම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්ය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවේ, ජෝන්ස් මහත්මිය වැඩි දුරටත් මෙසේ ද කීවාය.

“පරිසර තිරසාරත්වයෙන් පටන් ගනිමු, රොටරි ශ්‍රී ලංකා ආයතනය ප්‍රතිලාභ ගෙන දෙන අභියෝගාත්මක ගස් මිලියනයක ව්‍යාපෘතිය මම අගය කරනවා, මෙය මිනිසුන්ට, ලාභයට සහ පෘථිවියට ද ප්‍රතිලාභ අත්කර දෙනු ඇත.’’

මෙම සුවිශේෂී සිදුවීම් සලකුණු කිරීම සඳහා වෙළඳෙපාළ විවෘත කිරීමේ උත්සව සම්ප්‍රදායට අනුකූලව, ජෙනිෆර් ජෝන්ස් මහත්මිය, කොටස් වෙළඳපොලේ ආරම්භක සීනුව ද නාද කළාය.

CSE හි සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා ආයතනවලින් ඉල්ලා සිටියේ මෙම නව ව්‍යාපෘතිය සඳහා රොටරි සමාගම හා එක් වන ලෙසත්, එමගින් රට පාරිසරික විපත්වලින් ආරක්ෂා කර ගත හැකි බවට සහතික වන ලෙසත්ය.

One Million Trees ව්‍යාපෘතියේ සභාපති ගෞරි රාජන් මෙනවිය පැහැදිලි කළේ, "Rotary One Million Trees" ව්‍යාපෘතිය සුවිශේෂී වැඩසටහනක් වන්නේ මෙම පැළ රෝපණය කිරීම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් බිම් කොටසක් හාවිතා කිරීම හා රෝපණය කිරීමෙන් පසුව ඒවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ප්‍රවේශමෙන් පෝෂණය කරනු ලබන අතර සංඛ්‍යා වාර්ෂිකව විගණනය කරන බැවින් පූර්ණ විනිවිදභාවයක් සහ වගවීමක් සහිත වීමයි’’ කියාය.

රොටරි ශ්‍රී ලංකා සේවය පිළිබඳව පැහැදිලි කරමින් දිස්ත්‍රික් ආණ්ඩුකාර පුබුදු ද සොයිසා මහත්මිය  ප්‍රකාශ කළේ රුපියල් බිලියන දෙසීයකට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක කර ඇති බවය.

රොටරි පදනම හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, මහා මණ්ඩලයේ ආසනයක්ද ඇති අතර එය අධ්‍යාපනය සහ මානුෂීය ආධාර සපයන විශාලතම රාජ්‍ය නොවන පදනමද වේ.


RECOMMEND POSTS