මෝදි හමුවෙයි



තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පැවැත්විණි.

එහිදී ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.

සාකච්ඡාවලින් පසු දෙදෙනා එක් වී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනේ දී ඉන්දියාවෙන් ලැබෙන සහාය අගය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙය අවස්ථාවක් කර ගත්තේය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අතරේ ද හමුවක් පැවැත්විණි.

සිය පළමු විදෙස් සංචාරය අරඹමින්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවට ගියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුවය.

හර්ෂණ තුෂාර
(ඒ.එෆ්.පී.)

RECOMMEND POSTS