මානසික ආතතියට බිය නොවන්න



ඕනෑම අර්බුදයකදී දුකට , මානසික ආතතියට, කලබලයට, බියට හෝ කෝපයට පත්වීම සාමාන්‍ය තත්ත්වයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් මේ වනවිට නිවාසවලට කොටු වී සිටිති.

මේ තත්ත්වය හේතුවෙන් මෙරට පමණක් ලොව සෑමතැනකම දස දහස් ගණනක් දුකට , මානසික ආතතියට, කලබලයට, බියට හෝ කෝපයට පත්ව සිටිති. නිවෙස්වලට වී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරීහු මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ සාමාජික පිරිස් සමඟ විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල, එම සංවිධානයෙන් කාර්යාලයක් ස්ථාපිත කර ඇත. බොහෝ රටවල එම කාර්යාල ඇත. එම කාර්යාලද ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව ජනතාව දැනුවත් කරති.

දුකට , මානසික ආතතියට, කලබලයට, බියට හෝ කෝපයට පත්වන අවස්ථාවකදී කළ යුතු කාර්ය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කෙරේ.

එවැනි අවස්ථාවකදී ඔබ විශ්වාසී අයට කතා කරන්න. ඔබේ පවුලේ සාමාජිකයන්ට මිතුරන්ට කතා කරන්න.

ඔබ නිවසේ සිටිනවා නම් සෞඛ්‍යසම්පන්න ජීවන ක්‍රමයක් පවත්වාගන්න. සෑම විටම සවිබල ආහාර වේලාවක් ගන්න. ව්‍යායාමවල යෙදෙන්න. නිවසේ සිටිමින් සමාජ සබඳතා පවත්වාගන්න. නිවසේ සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පවුලේ සාමාජිකයන් හා මිතුරන් සමඟ කතාබහ කරන්න.

ඔබේ මානසික තත්ත්වය, හැඟීම් පාලනය කරගැනීම සඳහා දුම්බීම, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින්න.

ඔබට මානසික තත්ත්වය හෝ හැඟීම් හෝ දරාගැනීමට නොහැකි නම්, පාලනය කරගැනීමට නොහැකි නම් සෞඛ්‍ය සේවකයකුට කතා කරන්න. ඔබේ උපදේශකයකු අමතන්න. ඔබට කායික හෝ මානසික සෞඛ්‍ය අවශ්‍යතා ඇති වුවහොත් යා යුතු උපකාර ලබාගත යුතු පුද්ගලයන් හා ස්ථාන සම්බන්ධයෙන් සැලැස්මක් සකසා ගන්න. ඒ සම්බන්ධයෙන් විස්තර තබාගන්න.

සෑමවිටම නිවැරැදි දත්ත තොරතුරු එකරැස් කර තබාගන්න. වගකීම් සහගත අයුරින් පූර්ව ආරක්ෂිත පියවර ගැනීම සඳහාත් පරෙස්සම් වීම සඳහාත් ඔබට ඇති අවදානම් හඳුනාගැනීමට එම තොරතුරු උපකාරී වනු ඇත. එබැවින් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ දේශීය ආයතන යනාදී විශ්වාසදායී මූලාශ්‍රයකින් එම තොරතුරු ලබාගන්න.

ඔබේ සිත අවුල් කරන්න, මානසික පීඩාවක් ගෙන දෙන මාධ්‍ය වාර්තා නරඹන සවන්දෙන කාලය අවම කරන්න. ඒ වෙනුවට පවුලේ සාමාජිකයන් සමඟ වැඩි කාලයක් ගත කරන්න.

මීට පෙර මුහුණ දුන් විපත්, කරදර මෙන්ම අර්බුදකාරී අවස්ථාවලින් ඔබට උපකාරී වූ කුසලතා උපකාරී වූ දේ ගැන සිතා බලන්න. වසංගතය ව්‍යාප්ත වී තිබෙන මේ මොහොතේ ඔබේ මානසික තත්ත්වය/හැඟීම් කළමනාකරණය කර ගැනීම සඳහා එම කුසලතා හා කරුණු භාවිත කරන්න.

හර්ෂණ තුෂාර සිල්වා
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇසුරිනි

RECOMMEND POSTS