කාර්ය මණ්ඩලයේ කාන්තාවෝ පමණයි



කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් සේවයක් හඳුන්වා දීමට සෞදි රජය පියවර ගෙන තිබේ. ඒ සෞදි සමාජයේ කාන්තාවන්ට වැඩි තැනක් ලබා දීමේ නව ප්‍රතිපත්ති අනුවය.

කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත මෙම ගුවන් යානය, ‘ෆ්ලයිඅඩීල්’ ගුවන් සේවයට අයත් යානයකි. මෙය රට අභ්‍යන්තර ගුවන් සේවාවක් බව පැවැසෙයි. යානය රියාද් නුවර සිට රතු මුහුද ආශ්‍රිත ජෙඩා නුවර තෙක් ගුවන් ගමන්වල යෙදෙයි.

යානයේ ගුවන් නියමුවන් ලෙස කටයුතු කරන්නේ ද කාන්තා නියමුවන් දෙදෙනකි. සෞදි ගුවන් යානයක් කාන්තා නියමුවන්ගෙන් පමණක් සමන්විත වූ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

(රොයිටර්)


RECOMMEND POSTS