ලොව දිගම දුම්රිය ස්විට්සර්ලන්තයේ



ලොව දිගම මගී දුම්රිය මාර්ගය ධාවනය කරමින්, ලෝක වාර්තාවක් පිහිටුවීමට ස්විට්සර්ලන්ත දුම්රිය සමාගමක් සමත් විය. මැදිරි 100 කින් සමන්විත මෙම දුම්රියේ දිග කිලෝ මීටර 1.9 කි. දුම්රිය ධාවනය කළේ  ‘රියුෂන්’ දුම්රිය සමාගමය.

ස්විට්සර්ලන්ත දුම්රිය සේවයට වසර 175 ක් පිරීම නිමිත්තෙන් ලොව දිගම දුම්රිය ලෙස මෙම දුම්රිය ධාවනය කිරීම සිදුවුණු බව රියුෂන් දුම්රිය සමාගම පැහැදිලි කර තිබේ.

දුම්රිය ධාවනයට රියැදුරන් 11 දෙනෙකු ද නියාමකවරුන් 21 දෙනකු ද යෙදවුණු බව ද රියුෂන් සමාගම වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මෙම දුම්රිය ධාවනය කිරීම සිදුවී ඇත්තේ ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දර්ශනීය දුම්රිය මාර්ගයකය. මෙම දුම්රිය මාර්ගය යුනෙස්කෝ ලෝක උරුමයක් ද වෙයි.

දුම්රිය මාර්ගය ලෝක උරුමයක් ලෙස නම් කෙරුණේ, 2008 වසරේදීය. එම දුම්රිය මාර්ගය, උමං22 කින් සහ පාලම් 48 කින් සමන්විතය.

(රොයිටර්)


RECOMMEND POSTS