ලොව ලොකුම පැළෑටිය හමුවෙලා



ලොව ලොකු ම පැළෑටිය ගැන පසුගිය දා අසන්න ලැබුණි. මේ පැළෑටිය ජලජ පැළෑටියකි.  මේ පැළෑටිය ‘මුහුදු තණකොළ’ ය. ඉංග්‍රීසියෙන් මෙය ‘සී ග්‍රාස්’ (Seagrass) නම් වෙයි.

වර්ග සැතපුම් 70 ක් පුරා විසිරී පැතිරී පවතින මෙම මුහුදු තණකොළ සැලකෙන්නේ තනි ශාඛයක් ලෙසය. එය ලොව ලොකුම පැළෑටිය වන්නේ ඒ නිසාය. එපමණක් නොවෙයි, මෙම මුහුදු ‘තණකොළ’  අවුරුදු 4,500 ක් පැරැණිය.  

මේ මුහුදු තණකොළ ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර සිට සැතපුම් 450 ක් දුරින් පිහිටි ‘ෂාර්ක් බේ’ බොක්කේය. සාගර ජීව විද්යා්ඥයන් මෙම තණ කොළ ජාන පරීක්ෂාවකට ලක් කළේය.

එහිදී ඔවුන්ට අනාවරණය වූයේ තණකොළ සියල්ලේම ජාන කේතය එක සමාන බවය. ඒ අනුව, එය ශාක බොහොමයක් නොව එක් ශාකයක් එසේත් නැතිනම් පැළෑටියක් බව තහවුරු කර ගැණුනි.

ලොව ලොකු ම පැළෑටිය ලෙස මෙම මුහුදු තණකොළ ගැන ලොවට අනාවරණය කළේ බටහිර ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් සහ පර්යේෂකයන්ය. ඔවුන් මෙම මුහුදු තණ කොළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත්තේ පසුගිය වසර තුන පුරාවටය.

(ද සන් ඇසුරිනි)


RECOMMEND POSTS