දරුවන් අවන්හලේ වැඩට අරන්



ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආපන ශාලාවක් අවුරුදු 11 වයසැති දරුවන් සේවයට බඳවා ගෙන ඇතැයි පළවූ වාර්තා හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ එම ආපන ශාලාවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

එම ආපන ශාලාව අවුරුදු 11 වයසැති ළමුන්ට පිඟන් සේදීමට, ජෑම් සෑදීමට, අච්චාරු සෑදීමට සහ පාරිභෝගිකයන්ට ආහාර පිළිගැන්වීමට අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා මුදල් ගෙවා ඇත. අන්තර්ජාලය තුළ දැඩි විවේචන එල්ල වූවත් ආපන ශාලාව අවුරුදු 11 වයසැති ළමුන්ට රැකියා අවස්ථාවක් ලබා දීම වරදක් නොවන බව පවසන පිරිස්ද සිටින බව පැවැසෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ රැකියාවක නියුතු වීම සඳහා අවම වයසක් නොමැති වුවත් රජය අවම වයස ලෙස අවුරුදු 15 ත් සැහැල්ලු වැඩ සඳහා අවුරුදු 13 ත් නිර්දේශ කිරීමට ෆෙඩරල් රජය අදහස් කරමින් සිටින බව වාර්තා වී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා අවම වැටුප ඕස්ට්‍රේලියාවේ අවම වැටුපෙන් සියයට 36.8 කි.

(විමුක්ති එස් රුද්‍රිගු)


RECOMMEND POSTS