ඔමික්‍රෝන් උප ප්‍රභේදය හෘදයට හානි කරනවා



කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ, උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ‘බී.ඒ.5’ විකෘතිය වේගයෙන් බෝ වන බිහිසුණු විකෘතියක් බවත්, ‘බී.ඒ.5’ හෘද සෛලවලට හානි සිදු කරන බවත් පෘතුගාල වෛද්‍ය පර්යේෂකයෝ කියති.

‘කොවිඩ් 19’ වසංගතයේ සැර බාල කිරීමට, රෝහල්ගත කිරීමට සිදුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අවම කිරීමටත් ‘ඔමික්‍රෝන්’ සමත් වූ නමුත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් බිහිවුණු උප විකෘති බිහිසුණු ස්වරූපයක් ගෙන තිබේ.

මේ වනවිට ලොව නන්දෙසින්‘ කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ ද ‘ඔමික්‍රෝන්’ විකෘතියේ උප ප්‍රභේද හේතුවෙනි. උප ප්‍රභේද කීපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර, එයින් බිහිසුණු උප ප්‍රභේදය ලෙස සැලකෙන්නේ ‘බී.ඒ.5’ ය.

රෝහල් ගත කෙරෙන ආසාදිතයන් ගණන ඉහළ යමින් පවතින්නේත්, වැඩි වැඩියෙන් මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේත් ‘බී.ඒ.5’ උප විකෘතියේ බලපෑම නිසා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා තිබේ.
මේ වනවිට ලොව සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 579,780,429 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 6,414,615 ක් ලෙසය. ‘කොවිඩ් 19’ ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 549,638,534 කි.

තවමත් ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතින් ඉහළින්ම පසුවන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 92,917,658 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 1,054,422 කි.

ආසාදිතයන් අතින් ලොව දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 43,979,730 කි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණණ 5,26,258 කි.

ආසාදිතයන් අතින් තෙවැනි ස්ථානයේත් මරණ අතින් දෙවැනි ස්ථානයේත් සිටින්නේ බ්‍රසීලයයි. බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 33,752,376 කි. බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 6,78,147 කි.

(රොයිටර්)


RECOMMEND POSTS