කොලෙස්ටරෝල් පෙත්ත පිළිකා මරණ අඩු කරනවා



සිරුරේ වැඩි කොලෙස්ටරෝල් මට්ටම අඩුකර, එය හිතකර තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට, වෛද්‍යවරුන් නිර්දේශ කරන ස්ටැටින් ඖෂධ, ඩිම්බ කෝෂ පිළිකා නිසා සිදුවන මරණ අවම කරන බව ඇමෙරිකාවේ බොල්ටිමෝර් හි පිහිටි ජෝන් හොප්කින්ස් බ්ලූම්බර්ග් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරියක වන කාලා විස්වැනෙතාන් පැහැදිලි කරයි.

ඩිම්බ කෝෂ පිළිකා යනු නිහඬ මාරයෙකි. ඩිම්බ කෝෂ පිහිටා ඇත්තේ ගර්භාෂයට ආසන්නව ඊට පිටුපසිනි. ඩිම්බ කෝෂයක ඇතිවන බොහෝ ගෙඩි පිළිකා නොවුණත්, ඇතැම් කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවල පිළිකා ගෙඩි ඇති වෙයි. එසේ වන්නේ, ඩිම්බ කෝෂයේ මතුපිට ඇති සෛලවලිනි. ඩිම්බ කෝෂ පිළිකා අවදානම් තත්ත්වයක් පවතින්නේ, වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන්ටය.

‘කොලෙස්ටරෝල් මට්ටම හිතකර තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට ස්ටැටින් ඖෂධ වෛද්‍ය උපදෙස් මත බොහෝ දෙනකු භාවිත කරනවා. මේවා මිලෙන් අඩු ඖෂධ වර්ගයක්. මෙම ඖෂධ මගින් ඩිම්බ කෝෂ පිළිකා නිසා සිදුවන මරණ අවම කිරීමට හැකි බව තහවුරු කර ගැනීමට හැකි වූයේ ඇමෙරිකාව පුරා කොලෙස්ටරෝල් සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කිරීමෙන්.’ යැයි මහාචාර්ය විස්වැනෙතාන් පැහැදිලි කර තිබේ.

නැෂනල් ඉන්ක්වයරර් ඇසුරිනි.


RECOMMEND POSTS