බ්‍රොන්කයිටිස් පරදන සුදු ලූණු



දේශීය වෙදකමේ සහ ආයුර්වේදයේ මහා අනර්ඝ ඖෂධයක් ලෙස සුදු ලූණු සැලෙකයි. බටහිර රටවල, විශේෂයෙන් යුරෝපා රටවල වැසියෝ ද දශක ගණනාවක් තිස්සේ සුදු ලූණු ඖෂධයක් ලෙස භාවිතයට ගනිති.

කොරෝනා වයිරස වසංගතය හමුවේ, කොරෝනා වයිරසයට නිසි පිළියමක් නොමැති අවස්ථාවක, සාම්ප්‍රදායික සහ පාරම්පරික ඖෂධ වර්ග කෙරෙහිත් අත් බෙහෙත් කෙරෙහිත් බටහිර වැසියන්ගේ අවධානය යොමු වෙද්දී, සුදු ලූණුවල විස්මිත ගුණය බොහෝ සෙයින් කතාබහට ලක් වී තිබේ.

සුදු ලූණු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය පර්යේෂණායතනයේ පර්යේෂකයන් පර්යේෂණ රැසක් සිදු කර ඇති තර, එහිදී බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වාසනාලිකා පදාහයට සාර්ථක ඔසුවක් ලෙස සුදු ලූණු භාවිත කළ හැකි යැයි ඔවුහු තහවුරු කරති. ‘බ්‍රොන්කයිටිස්’ යනු පෙනහළු ආසාදනය වීමය. කොරෝනා ආසාදිතයන් බොහෝ දෙනකු මියයන්නේපෙනහළු ආසාදනය වීමෙනි.

එන්නත් කිරීම් හරහා පමණක් පාලනය කෙරෙන රෝග බොහොමයකට ඖෂධීය ශාක යොදා ගැනෙයි. ඇතැම් රටවල එන්නත් සාර්ථක නොවන අවස්ථා වාර්තා වී තිබේ. එවැනි අවස්ථාවලදී සුදු ලූණු දිවි සුරකින ඔසුවක් වෙනවා’ යැයි බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය පර්යේෂණායතනයේ පර්යේෂකයෝ පැහැදිලි කරති.

නැෂනල් ඉන්ක්වයරර් ඇසුරිනි.


RECOMMEND POSTS