රැකියාව කරනතැන ගැටලූ අඩුකරගෙන වැඩ කරන ‘හැටි’




වරදකට දක්වන ප‍්‍රතිචාරය අනුව ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්


රැකියාව යනු ජීවිතයේ සෑම දේම තීරණය කරන තීරණාත්මකම සාධකයයි. එබැවින් රැුකියාව තුළ ගැටලූ ඇති කරවන අපගේ හැසිරීම් හඳුනාගෙන ඒවා අවම කර ගැනීම වැදගත් වේ. එමගින් වඩාත් යහපත් හෙටක් වෙනුවෙන් ගොඩනගා ගත යුතු කායික හා මානසික පසුබිම සකස් කර ගැනීමට අවස්ථාව උදා වේ. ඒ අනුව රැුකියා ස්ථානය තුළ ඇති වන ගැටුම් අවම කරගෙන සුහදශීලී, ප‍්‍රසන්න පෞරුෂයක් ගොඩනඟා ගනිමින් කටයුතු කිරීමට ඔබට සහය කරගත හැකි කාරුණු කිහිපයක් මෙලෙසින් ඉදිරිපත් කරමු.

ඔබ රැුකියා ස්ථානය තුළ නිතර කෝප ගන්නා කෙනෙකු නම් හෝ එවැනි දේ හේතුවෙන් නිතර සිත් රිදවීම් ඇති කරගන්නවා නම් මෙම කරුණු ඔබට විශේෂයෙන් වැදගත්විය හැකිය.

අප තවත් කෙනෙකු සමග හෝ පිරිසක් සමග කටයුතු කරන විට ගැටලූ ඇතිවීම සාමාන්‍ය දෙයකි. මෙවැනි අවස්ථාවලදී ඒ සඳහා හේතුව ලෙස බැලූ බැල්මට අපට පෙනෙන්නේ එම ගැටලූව සඳහා පසුබිම් වන සිද්ධියයි. එහෙත් සැම විටම පාහේ ගැටලූකාරී තත්ත්වයන් ඇති වන්නේ එවැනි සිද්ධීන් නිසා නොව අප ඒවාට ප‍්‍රතිචාර දක්වන ආකාරය මතයි.

නිදසුනක් ලෙස රැුකියා ස්ථානයේදී වරදක් ඇති ව හෝ නොමැතිව යමෙකු ඔබට බැන වදින අවස්ථාවක් සිහියට නඟා ගෙන බලන්න. මෙවැනි අවස්ථාවක ඔබ තුළ යම් ආවේගයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. දැන් එම සිතුවිලි ආවේගය මුල් කරගෙන ඔබට බැනවැදුන පුද්ගලයාට ඊටත් වඩා තදින් බැනවැදුනේ යැයි හෝ එය බහින් බස්වීමක් දක්වා දුරදිග ගියේ යැයි සිතන්න. සැබෑම ගැටලූව ආරම්භ වනුයේ මුලින් ඇතිවූ බැනවැදීම නිසා නොව ඔබ එම සිද්ධියට දක්වන ලද ප‍්‍රතිචාර මුල් කරගෙන බව වඩාත් විමසිලිමත්ව මෙවැනි සිදුවීමක් දෙස බලන්නේ නම් පෙනී යනු ඇත.

දැන් මොහොතක් ඉහත උදාහරණයට ගත් සිදුවීම පිළිබඳ නැවත සිතා බලන්න. ඔබට බැනවැදුනු පුද්ගලයාත් ඔබත් දෙදෙනාම කි‍්‍රයාත්මක වී ඇත්තේ දෙදෙනාගේම සිත්වල ඇතිවූ ආවේගකාරී සිතුවිල්ලක් මත පදනම්ව නොවේ ද? එසේම එම සිතුවිල්ල කෙතරම් ප‍්‍රබල ලෙස ඔබ දෙදෙනාව මෙහෙයවා ඇතිද යන වග මෙහිදී අවබෝධ කරගත හැකිය. ආයතනයක් තුළ මෙවැනි දුරදිග යන ගැටුම් ඇති වන්නේ වචන හෝ සිදුවීම් නිසා නොව ඒවාට අප ප‍්‍රතිචාර දක්වන ආකාරය අනුව බව මෙයින් පැහැදිලි කර ගත හැකිය.

රැුකියා ස්ථානවල සුලභව ඇති වන මෙවැනි ගැටලූකාරීත්වයන් අවම කිරීමට යොදා ගත හැකි මනෝවිද්‍යානුකූල විසඳුමක් ලෙස ‘‘සිතුවිලි වේග (ෑපදඑසදබ* අවබෝධකර ගැනීමේ කුසලතාව” දැක්විය හැකිය. මෙය පුද්ගල සංවර්ධන කුසලතාවක් ලෙසින් ද හැඳින්විය හැකිය. පුද්ගල සංවර්ධන කුසලතා යනු එක් රැුයකින් ප‍්‍රතිඵල ළඟා කර ගත හැකි කුසලතා විශේෂයක් නොව එදිනෙදා ජීවිතය තුළ පුහුණු කිරීමෙන් පමණක්ම සාර්ථක ප‍්‍රතිඵල ළඟා කර ගත හැකි කුසලතා විශේෂයක් බවද මෙහිදී අප අමතක නොකළ යුතුය.

මෙවැනි අවස්ථාවක කළ යුතු මූලිකම හා වැදගත්ම කාර්යය වන්නේ ඔබ තුළ ඇතිවන සිතුවිලි ආවේගයන් පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමයි. එනම් ඔබ තුළ යම් සතුටක්, දුකක්, කෝපයක්, සිත් රිදවීමක් ඇති වන සෑම අවස්ථවකදීම එවැනි සිතුවිලි වේගයක් තමන් තුළ ඇති වූවාය යන මූලික අවබෝධය ඇති කර ගැනීමයි. සාමාන්‍ය ව්‍යවහාරය අනුව අප අසා ඇත්තේ සිතුවිලිවේගයක් ඇති වූ විට එය පාලනය කර ගැනීම කළ යුතු බවයි. එහෙත් මනෝවිද්‍යාව අපට යෝජනා කරනුයේ තමන්ට ඇතිවන සිතුවිලි ආවේගයන් පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමයි. මෙලෙස තමන්ට ඇතිවන සිතුවිලි වේග හඳුනා ගැනීමත් සමඟම අප ඊට දක්වන ප‍්‍රතිචාර, ස්වයං පාලනයකට ලක්වීම ඊට හේතුවයි.

ඔබ තුළ ඇතිවන සිතුවිලි වේගයන් පිළිබඳ ස්වයං අවබෝධයක් ඇති කරගත හැකි නම් ඊළඟට කළ යුතු වන්නේ ඔබ සමඟ ගැටුමකට මුලපුරන අනෙක් පුද්ගලයා ද කිසියම් සිතුවිලිවේගයක බලපෑමකට ලක්වී සිටින බව අවබෝධ කර ගැනීමයි. නමුත් අපට කිසිඳු විටක අන් අයගේ සිතුවිලි පාලනය කළ නොහැකිය. එබැවින් මෙහිදී අප කළ යුතු වන්නේ මෙම තත්ත්වය අවබෝධ කරගෙන අවස්ථාවට අනුව අපගේ සිතුවිලි සහ කි‍්‍රයාවන් කළමනාකරණය කර ගැනීමයි.

 


අනෙකාගේ සිතිවිලි හඳුනාගැනීම ඔබ පිළිබඳ සුහදත්වය පැතිරීමට හේතුවක්


 

අප ඉහතින් සකච්ඡුා කරන ලද්දේ ඔබ තුළ ඇති වන සිතුවිලි වේගයන් අවබෝධ කර ගැනීම මඟින් රැුකියා ස්ථානයේදී ඇති වන ගැටුම් මඟහරවා ගත හැකි ආකාරයක් පිළිබඳවයි. මෙම සරල අවබෝධය තුළින් ලැබිය හැක්කේ එලෙස ගැටුම් අවම කර ගැනීම පමණක්ම නොවේ. ඔබට තම රැුකියා ස්ථානය තුළ ප‍්‍රසන්න, සුහදශීලී පෞරුෂයක් ගොඩනඟා ගැනීම සඳහා ද මෙම කුසලතාව බෙහෙවින් උපයෝගී කර ගත හැකිය.

මේ සඳහා නිදසුනක් ලෙස ඔබගේ රැුකියා ස්ථනයේ හිතවතෙකුගේ උපන්දිනයක්, යම් ජයග‍්‍රහනයක් වැනි අවස්ථාවක් පිළිබඳ සිතා බලන්න. එවැනි අවස්ථාවක එම තැනැත්තාට අවංකව සුබපැතීමක් ඔබට කළ හැකි නම් එය එම පුද්ගලගේ සතුට වර්ධනය වීමට විශේෂ හේතුවක් වනු ඇත. එලෙස තවත් කෙනෙකුගේ සිතක පවතින සිතුවිලි ස්වභාවයක් අවබෝධ කරගෙන කටයුතු කළ හැකි නම් එය ඔබ සහ එම පුද්ගලයා අතර හිතවත්කම හා සමීප බව වර්ධනය කිරීමට නිතැතින්ම හේතු වනු ඇත.

ඉහත සඳහන් කර ඇති ආකාරයට මෙම සිතුවිලි වේගයන් හඳුනාගැනීම මගින් රැකියා ස්ථානය තුළ ගැටුම් අවම කර ගනිමින් කටයුතු කිරීමටත් එමෙන්ම ඔබ පිළිබඳ අන් අය තුළ ඇති සුහදශීලීත්වය, පි‍්‍රයමනාප බව හා විශ්වාසනීයත්වය වර්ධනය කිරීමටත් ප‍්‍රයෝජනවත් වනු ඇත. විශේෂයෙන් ම රැු කියා ස්ථානය තුළ හොඳ සවන් දෙන්නෙකු බවට පත්වීමත් එමඟින් රැුකියාව තුළ දිගුකාලීන ඵලදායී සබඳතා ගොඩනඟා ගැනීමත් කළ හැකිය. එය ඔබේ දියුණුවට ද හේතු වනු ඇත

 


RECOMMEND POSTS