කොරෝනා කාලේ ‘සෙක්ස්’ අවදානම්



ඇඳිරි නීති, ලොක්ඩවුන් රෙගුලාසි සහ නිරෝධායන තහංචි මේ වනවිට රටවල් රැසක ලිහිල් වෙමින් පවතී. තහංචි ලිහිල් වුවත්, අපට ජීවත් වීමට සිදුවී ඇත්තේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සමඟය.

‘කොවිඩ් 19’ සමඟ ජීවිතයට හුරු වෙද්දී, අප කවුරුත් සමාජ දුරස්ථභාවය රැක ගත යුතුය. මීටරයේ දුර අවශ්‍ය වෙයි. පිරිසුදුකම ඉතා වැදගත්ය. නිතරම දෑත් පිරිසුදුව තබා ගැනීම කළ යුතුය. මේ සියල්ල සලකා බලද්දී ‘කොවිඩ් 19’ සෙක්ස් පිළිබඳ කල්පනාකාරී විය යුතුය.

‘කොවිඩ් 19’ වයිරසය ගැන අප දන්නා දේ බොහොමයකි. වයිරසය සිරුරට ඇතුළු වෙන්නේ නාසයෙන් සහ මුඛයෙනි. ඇස්වලින් ද වයිරසය සිරුරට ඇතුළු වන බව සොයා ගෙන තිබේ. නිවසින් පිටතට යද්දී සෞඛ්‍යාරක්ෂිත මුහුණු ආවරණ පැලඳ නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආරක්ෂිත ක්‍රමවේදයකි‍. දෑත් නිතර පිරිසුදුව තබා ගත යුත්තේ තැවැරෙන විෂ බීජ නාසය, මුඛය සහ ඇස් ස්පර්ශ කිරීමේදී සිරුරට ඇතුළු වන බැවිනි.

මීටරයේ දුර රැක ගනිමින් සෙක්ස් කළ නොහැකිය. නිතර සමාජයේ ගැවසෙන යුවලක නම්, සෙක්ස් කරද්දී පවා මුඛ ආවරණ පැලැඳීම කරන්නේ නම් එය සුදුසු බව පළමුවෙන් ලොවට පෙන්වා දුන්නේ ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූ චීන වෛද්‍යවරුන්ය. සෙක්ස් කරද්දී සිප ගැනීම්වලට කිසිසේත් අවසර හිමි නොවන බව ද චීන වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

සමාජයේ කොරෝනා අවදානම ඉතා ඉහළ තත්ත්වයක් ගන්නේ නම් ලිංගික ක්‍රියාකාරම්වලින් වැළැකිය යුතුය. අවිවාහක පෙම්වතුන්ට මෙය ඉතා වැදගත්ය.

විවාහක යුවලක නම්, දෙදෙනාම රැකියා සඳහා නිවසින් බැහැර වන්නේ නම් කල්පනාකාරීව කටයුතු තළ යුතුය. නිවසට පැමිණෙද්දී හොඳින් සිරුර පිරිසුදු කරගත යුතුය.

නිවසින් බැහැර රාජකාරී සඳහා පිටව ගොස් සමාජ ගත වෙන්නේ දෙදෙනාගෙන් එක් අයකු නම්, නිවසට පැමිණීමෙන් පසු ශාරීරික දුරස්ථභාවය පවත්වා ගත යුතුය. ලිංගික කටයුතුවල නොයෙදෙන්නේ නම් එය වඩාත් යෝග්‍ය බව වෛද්‍යවරුන්ගේ අදහසය.

‘කොවිඩ් 19’ ලිංගිකව සම්ප්‍රේෂණය නොවෙයි.‍ ‘කොවිඩ් 19’ වයිරසයේ ඇති බිහිසුණුකම වන්නේ ලෝක ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් සිටීමය. එවැනි ආසාදිතයන්, රෝග වාහකයන් වෙයි‍.

ලිංගික එක්වීමකදී මේ ගැන කල්පනාකාරී විය යුතුය. ඒ අනුව, වෛද්‍යවරුන් පෙන්වා දෙන අන්දමට නම් මෙම කොරෝනා සමයේ කළ හැකි එකම ආරක්ෂාකාරී ලිංගික ක්‍රියාකාරකම් වන්නේ, ස්වයං වින්දනයයි.

ඇමෙරිකන් සෙක්ෂුවල් හෙල්ත්
ඇසෝසියේෂන් වාර්තාවක් ඇසුරිනි

RECOMMEND POSTS