කැස්සට අත් බෙහෙතක්



ශ්වසන රෝග ගණයට අයත්වන කැස්ස පෙනහළු ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයකි.

ආහාර විහරණයන් වෙනස්වීම

කාලගුණික දේශගුණික විපර්යාසයන්

අවේලාවේ ස්නානය

ශීත කෑම පරිභෝජනය

පින්න වැදීම

දුම සහ දූහුවිලි තත්ත්වයන්ද

සාමාන්‍යයෙන් කැස්ස ඇතිවීමට හේතුවේ.

සුළුවෙන් පවතින කැස්සේදී,

කොත්තමල්ලි

වියලි ඉඟුරු

ගම්මිරිස් ඇට

තිප්පිලි

කළං දෙක බැගින් ගෙන කබලේ බැද කුඩුකර දිනකට දෙවරක් උනුවතුරට දමා සීනි හැන්දක් මිශ්‍රකර පානය කිරීම යෝග්‍යය.

මෙම පානය උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිටද සුදුසුය.

නිතර පවතින කැස්සට සීතාරම් කල්කය, බුද්ධරාජ කල්කය ලබාදීම සුදුසුය.

සෙම්ප්‍රතිශ්‍යාව සහිතව කැස්ස ඇතිවිට සර්වපාදී තෛලය නාසට ඉරීම කළහැක.

කුඩා දරුවන්ට ඇති කැස්ස අවස්ථාවේදී

කොත්තමල්ලි

ඉඟුරු ආදිය පිරිසිදුව ගෙන කබලේ බැද, තම්බා සකසා ගන්නා ඖෂධීය පානය වරින්වර පානය කිරීමට සැලැස්වීම සුදුසුය.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇතිවිට රෝග නිවාරණයට ඉතාම යෝග්‍යය පේයාව.

කොත්තමල්ලි කළං 6යි

ඉඟුරු කළං 3යි

ගම්මිරිස් කළං බාගයයි

තිප්පිලි කළං බාගයයි

ගෙන පිරිසිදු කර කබලේ බැද කුඩුකර  කෝපිමෙන් සකසා සිරිතේක්කු කළදක් මිශ්‍රකර සීනිදමා පානය කළ හැක. උදේ සවස පානය කිරීමෙන් ඉක්මන් සුවය ලැබේ.

කුමන ආකාරයේ කැස්ස සති දෙකකට වඩා ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා ඕනෑකමින් කළ යුතුය.

පීනස පවතින විට

වියළි කහකුඩු කළං 3යි

වියළි ඉඟුරු කළං 3යි

තැඹිලි ගෙඩියක උඩකොටස ඉවත්කර දමා රැයක් පින්නේ තබා, උදෑසන හිස්බඩ පානය කිරීම සුදුසුය. උදෑසන කිවිසුම් යාමේ තත්ත්වයන්ද මෙමගින් පාලනය වේ.

ජානමය හේතූන් නිසා යම් අයෙකු පීනස් රෝගයෙන් පෙළේනම් නිසි ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. එවන් අවස්ථාවක අත්බෙහෙත් ප්‍රතිකර්ම කිරීම සුදුසු නැත.

උපදෙස් :- ශ්‍රි ලංකා ආයූර්වේද සංස්ථාවේ හිටපු ජේෂ්ඨ ආයූර්වේද  වෛද්‍ය
    රම්‍යා තෙන්නකෝන්
සටහන :- අසුන්තා එදිරිසූරිය

RECOMMEND POSTS