ඔලුව අවුල් කරන ඉලෙක්ට්‍රොනික උපාංග



ජංගම දුරකථනය, ටැබ් හා ලැප්ටොප් ඇතුළු පරිගණක නිසා අපට ඇති වාසි හා එහි වැදගත්කම කියා නිමකල නොහැකි තරම්ය.

නමුත් මේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය නිසාම ඇතිවූ බව පිළිගැනෙන සෞඛ්‍යමය, පාරිසරික, ආර්ථික හා සමාජ ගැටළු ද බොහොමයක් ඇත.‍

මේ සමාජ ගැටලු බොහොමයක්ම මතු වන්නේ තරුණ පිරිස අතරේ යැයි පැවසිය යුතුමය. ඊට හේතු වන්නේ මේ සියල්ලක්ම තරුණ පිරිස් භාවිතයට වැඩි නැඹුරුවක් වී ඇත්තේ රාත්‍රි කාලයේ නිදා ගන්නා කාලය තුළදී යැයි සමාජ පර්යේෂකයෝ කියා සිටිති.

මේ ජංගම දුරකථන ඇතූළු උපාංග වලින් පිටවන චුම්භක ක්ෂේත්‍ර හා සන්නිවේදන කුලුනු වලින් පිටවන අධි සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා පුද්ගලයන්ට විවිධ මානසික හා කායික ගැටලු ආදිය ඇති වන බව ලොව පුරා විවිධ සෞඛ්‍ය බලධාරීහු තහවුරු කර ගෙන සිටිති.

විශේෂයෙන්ම මේ උපාංග රාත්‍රි කාලයේ අඩ අඳාුරේ භාවිතා කිරීම තුළින් විවිධ ගැටලු ඇති වන අතර , විශේෂයෙන් අන්ධකාර සහිත ස්ථානයකදී මේ උපාංග භාවිතයේදී එම උපකරණ වලින් පිටවෙන නිල් පැහැති අලෝකය වඩාත් සුවබර නින්දකට පීඩා ඇති කරවන බව නොරහසකි.

තවද විශේෂයෙනම අධික තරබාරුවීමේ අවදානම , හදවත් රෝග හා දියවැඩියාව වැනි රෝග ඇති වීමේ අවදානම දැඩි පවතී.

මේ සුවබර නින්දකට පීඩාකාරී කරන පොදු සතුරාගේ ප්‍රහාරයන් අවම කර ගැනීම හැකිවන සරල ක්‍රමවේදයක් ගැන හෝමෝන පිළිබඳ යුරෝපා සංගමයට  ඉදිරිපත් කෙරුණු නෙදර්ලන්ත අධ්‍යයන වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

එම නෙදර්ලන්ත පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පුද්ගලයින් 25 දෙනෙකු තෝරා ඔවුන්ට තැඹිලි පැහැයෙන් වර්ණ (ටින්ටඞ්) කළ කණ්ණාඩියක් නින්දට පෙර පැළඳ  රාත්‍රී කාලයේදී ජංගම දුරකථන ඇතුළු පරිගණක උපාංග භාවිතා කිරීමත් , එම කණ්නාඩි පැළඳ පුරා සතියක් එම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් තොරව සිටීමෙන් මිනිස් සිරුරට සිදුවිය හානි අවම කර ගැනීමට හැකි බවය.

මේ සරල ක්‍රමවේදය ක්‍රියාත්මකවීම තුළින් වඩාත් සුවබර නින්දක් සේම, හදවත් හා දියවැඩියා රෝග ලක්ෂණ ඉවත්ව යහපත් ශරීර සෞඛ්‍යයක් හිමිවන බව එම නෙදර්ලන්ත පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

තිළිණි ද සිල්වා

 


RECOMMEND POSTS