එළවළු පළතුරු කන අයට හෘදයාබාධ අඩුයි



එළවළු පළතුරු පමණක් ආහාර ගන්නා පුද්ගලයන්ට හෘදයාබාධ ඇති වීමේ අවදානම අඩු බවත් ආඝාතය ඇති වීමේ වැඩි ඉඩ කඩක් පවතින බවත් නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

මස් මාළු ආහාරයට ගන්නා පුද්ගලයන් හා සැසඳීමේදී එළවළු හා පළතුරු පමණක් ආහාරයට ගන්නා පුද්ගලයන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම දස ගුණයකින් අඩු බව එහිදි සොයාගෙන ඇත. එසේ වුවත් පුද්ගලයන් 1,000කට, මස් මාළු ආහාරයට ගන්නා පුද්ගලයන් හා සැසඳීමේදී එළවළු හා පළතුරු පමණක් ආහාරයට ගන්නා පුද්ගලයන් ආඝාතයට ගොදුරු වීමේ අවදානම තුන් ගුණයකින් අඩු බව පර්යේෂකයෝ පවසති.

වසර 18ක් කාලයක් සහ පුද්ගලයන් 48,000ක් සම්බන්ධ කරගනිමින් කරන ලද මෙම අධ්‍යනයේ ප්‍රතිඵල බ්‍රිතාන්‍යයේ “බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්” හි පළකර ඇත.

කෙසේ නමුත් නිගමනවලට හේතුව ඔවුන්ගේ ආහාර රටාවද එසේත් නැතිනම් ඔවුන්ගේ ජීවන රටාවේ වෙනත් ක්‍රියාකාරකම් නිසාද යන්න තහවුරු කර නොමැත.

මිනිසුන්ගේ ආහාර තේරීම හෝ ආහාරවලට ඇති කැමැත්ත කුමක් වුවත් පුළුල් පරාසයක විහිදුණු ආහාර කෑමට එක් කරගැනීම සෞඛ්‍යයට හිතකර බව ආහාර සම්බන්ධ විශේෂඥයෝ පෙන්වාදෙති.

හර්ෂණ තුෂාර සිල්වා
බී.බී.සී. ඇසුරිනි 


RECOMMEND POSTS