තවත් රවවල් සංචාරක සීමා ලිහිල් කරයි



ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කළ රටවල් අතරට තවත් රටවල් කීපයක් අලුතින් එක් වී ඇත. එක්සත් රාජධානිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, සහ නෝර්වේ එම රටවල්ය.

සංචාරක සීමා ඉවත් කළ ද අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට යෑමෙන් වළකින්නැයි ද එම රටවල් සිය පුරවැසියන්ට උපදෙස් ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ රටවලට ප්‍රශංසා කරමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් මේ නිසා ඖෂධ, ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ගෑස්, ඉන්ධන සහ ආහාර යනාදී අත්‍යවශය ද්‍රව්‍යවල හිඟයක් රටේ පවතින බවත් බරපතළ ඉන්ධන හිඟය ප්‍රවාහන, ව්‍යාපාරික සහ අත්‍යවශ්‍ය සේවාවලට බලපා ඇති බවත් එක්සත් රාජධානිය නිකුත් සංචාරක උපදේශනයේ සඳහන් වේ.

මෙම හිඟ නිසා රෝහල්, ගිලන් රථ වැනි අනෙකුත් වෛද්‍ය සේවාවලට බලපෑම් එල්ල වනු ඇතැයි ද එහි සඳහන්ය.

විදුලිය ලබා දීම නිසා දෛනිකව විදුලිය කප්පාදු සිදුවන බවත් මෙම කරුණු නිසා ශ්‍රී ලංකාවට යෑමේ දී සුදුසු සංචාරක රක්ෂණ ක්‍රමයක් ලබාගැනීම වැදගත් බවත් එම රක්ෂණාවරණයෙන් ප්‍රමාණවත් ආවරණයක් ලබා දෙනවාද යන්න බැලීම වැදගත් බවත් එක්සත් රාජධානිය නිකුත් සංචාරක උපදේශනයේ දැක්වෙයි.

රට තුළ මේ වනවිට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් එය අගෝස්තු මස 27 වැනිදායින් අවසන් බවත් ආර්ථික තත්ත්වය හේතුවෙන් රට තුළ විරෝධතා ඇති වී ඇති බවත්, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම් නිසා තුවාල සහ ජීවිත හානි සිදු වූ බවත් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිත කළ බවත් එහි සඳහන් ය.

ඉතා කෙටි දැනුම් දීමකින් විරෝධතා, මාර්ග බාධක, ප්‍රචණ්ඩකාරී නොසන්සුත් ඇති විය හැකි බවත් ඇඳිරි නීතිය සහ හදිසි රෙගුලාස පැනවිය හැකි බවත් එහි තවදුරටත් සඳහන් වේ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS