ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රශ්න කරයි



මෙවර මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට, රජයේ මුද්‍රණාලයට අද ඉඩ ලබාදෙන්නේ නම් හෙට දිනෙක ජනාධිපතිවරණයක හෝ පාර්ලිමේන්තු මැතිවරණයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විමසයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරන්නට රජයේ මුද්‍රණාලයට අද ඉඩ දුනහොත්, හෙට දින ජනාධිපතිවරණයක හෝ පාර්ලිමේන්තු මැතිවරණයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කිරීම වළක්වන්නේ කොහොමදැයි නීතිඥ සංගමයේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් විමසා ඇත.

සම්පත් නැතැයි කියමින් අනාගත ආණ්ඩුවක් පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නතර කිරීමට උත්සාහ කළොත් සිදුවන්නේ කුමක්දැයි ද හෙතෙම විමසා තිබේ. පිළිගත් පද්ධතියක් සහ සාම්ප්‍රදාය සමඟ මේ ආකාරයට අයුතු ලෙස ඇඟිලි ගැසීම අතිශයින් භයානක යැයි ද හෙතෙම අනතුරු අඟවා ඇත.


RECOMMEND POSTS