මූල්‍ය අර්බුදය විසඳීමට මැදිහත් වෙනවා



උග්‍ර අතට හැරෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කරන බව ජපානයේ මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පැවැසීය.

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක මේසයකට රැස්වන්නැයි සියලු ණය හිමි රටවලින් ඉල්ලීමක් කරන බව ද හෙතෙම කීය.

“ශ්‍රී ලංකාවේ උග්‍ර සමාජ-ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අපි කනස්සල්ලට පත්ව සිටිනවා” යැයි සුසුකු මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

ණය පැකේජයක් ලබාගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පියවර ගත යුතු යැයි ද හෙතෙම කීය.

ඊට අමතරව චීනය සහ ඉන්දියාව ඇතුළු ද්විපාර්ශවීය ණය හිමියන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්විය යුතු යැයි ද ජපාන මුදල් අමාත්‍යවරයා කීවේ ය.

“සියලු ණය හිමි රටවල් සහ රාජ්‍ය සංවිධාන සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමට ජපානයට අවශ්‍ය” යැයි ද හෙතෙම කීවේ ය. 

(රොයිටර්)


RECOMMEND POSTS