ප්‍රදේශ තුනක සමීක්ෂණ කටයුතු සාර්ථකව අවසන්



ඉන්දීය නාවික හමුදාවට අයත් “අයි.එන්.එස්. සර්වේක්ෂක්” නෞකාව කොළඹට ඔබ්බෙන් ගිනිගැනීමට ලක්වූ එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවට ආසන්න ප්‍රදේශ තුනක සමීක්ෂණ කටයුතු සාර්ථකව නිම කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව “අයි.එන්.එස්. සර්වේක්ෂක්” නෞකාව සමීක්ෂණය යටතේ ආවරණය කර ඇති සැතපුම් ගණන 807ක් යැයි ද එම කාර්යාලය සඳහන් කරයි. සමීක්ෂණයෙන් පසු මෙම නෞකාව විසින් මුහුද යට තිබූ සුන්බුන් කොටස් 54ක් ද විනාශ වූ නැවේ කොටසක් ද සොයා ගත් බව ද එම කාර්යාලය කියයි‍‍.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS