බත්තරමුල්ලේ සඳුන් උයන



බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ සඳුන් ගස් දහසකින් යුක්තව ඉදිකරන පළමු සඳුන් උයනෙහි ඉදිකිරීම් සියයට 98කින් අවසන් බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

අක්කර 09 ක භූමි භාගයක ඉදිකරන මෙම උයනේ රත් සඳුන් ගස් 300 සහ සුදු සඳුන් ගස් 900 කින් සමන්විතය. සදුන් ගස්වලට අමතරව විවිධ පැහැයන්ගෙන් යුත් විසිතුරු මල් පැල රැසක් ද මෙහි රෝපණය කර ඇති අතර ජාතික සඳුන් උයන ගොඩනැගීම අදියර දෙකක් යටතේ සිදුවෙයි.

මේ සඳහා පළවෙනි අදියරට රුපියල් මිලියන 132 ක් ද, දෙවන අදියර සදහා රුපියල් මිලියන 162 ක් ද වැයකර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය මෙහි පිරිවැය දරණ අතර නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

සටහන සහ ඡායාරූප
ශාන්ත රත්නායක

RECOMMEND POSTS