හදිසි ණයක් පිළිබ‍ද එකගතාවක්



හදිසි ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවක් ඇති කරගෙන ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදය මෙය යැයි ද ආර්ථික විශේෂඥයෝ පවසති.

රොයිටර්ස් පුවත් සේවයට අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් අපේක්ෂාවෙන් සිටියි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විමසීමක් කළ අදාළ පුවත පළ කරනතුරුත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS