යාල විසේකාර චණ්ඩියාට වෙඩි වැඳිලා



යාල වනෝද්‍යානයේ විසේකාර චණ්ඩියා ලෙස හැඳින්වුණු ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ.

එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් හස්තියාට තුවාල වන්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැක කරයි.

වනජීවී නිලධාරීන් මේ වන විට හස්තියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත. එම ප්‍රතිකාර කටයුතුවලින් හස්තියාට යම් සුවයක් ඇතැයි ද වාර්තා වේ.

දළ ඇතෙකු වූ ගැමුණු යාල වනෝද්‍යානයේම සැන්ඩෝ නම් හස්තියා සමඟ ඇතිවූ දරුණු සටනකින් පසු දකුණු දළය අහිමිව ඒකදන්තයකු බවට පත්වූ අතර, නැවත නන්දිමිත්‍ර ඇතා සමග ඇතිවූ සටනකදී වම් දළයත් අහිමි විය.

දළ දෙකම අහිමි වී අලියකු ලෙස ජීවත් වන්නට සිදුවුවත්, එම සටන්වලදී ඇතුගේ දන්ත මූලයට හානී වී නොමැති බැවින් නැවත දළ වැවෙමින් පවතින බව වනජීවී නිලධාරීන් පවසයි.

ගැමුණු හස්තියා යාල වනෝද්‍යානයේ සැන්ඩෝ නැමති හස්තියාට පමණක් දෙවැනි වන දැවැන්ත හස්තියෙකි. 

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS