ප්‍රචණ්ඩත්වය ගැන ඇමෙරිකාව විමසිල්ලෙන්



සාමකාමී විරෝධතාකරුවන්ට සහ අසල් සිටි අහිංසක පුද්ගලයන්ට එල්ල වූ ප්‍රහාරය සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි දකුණු සහ මධ්‍යම ආසියානු දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එහි දැක්වේ.

රටේ ආර්ථික සහ දේශපාලන අභියෝගවලට දීර්ඝකාලීන විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කරන්නැයි ශ්‍රී ලංකාවේ සියලු දෙනාට අවධාරණය කරන බවත් එහි තවදුරටත් සඳහන් ය.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS