නිදහස දා උද්‍යාන නොමිලේ



ලබන 2023 පෙබරවාරි 4 වැනිදාට යෙදී ඇති 75 වන ජාතික නිදහස් දිනයේ දී ජනතාවට උද්‍යාන, උද්භිද උද්‍යාන, විනෝද ස්ථාන නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එමෙන්ම එදින රටපුරා පිහිටි සිනමාශාලාවල ප්‍රවේශපත් ගාස්තු සියයට 50 කින් අඩුකිරීමට ද නියමිත බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS