ධම්මානන්ද ස්ථවිරයන්ගේ ශ්‍රී ලංකා සුභ සාධන මෙහෙවර



බුදු දහමට මෙන්ම නා නා විධ සමාජයීය, අධ්‍යාපනික හා ආධ්‍යාත්මික සංවraOන ක්‍රියාකාරකම් සඳහා මහඟු දායකත්වයක් ලබා දී ඇති අතිපුජනිය භන්තේ ධම්මානන්ද (ThichPhuoc Ngoc) ස්ථවිරයන් යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා බොහෝ ගෞරවයට පාත්‍ර වූ වියට්නාම ජාතික භික්ෂුවකි.

ThichPhuoc Ngoc හිමියන් උපත ලැබුවේ 1982 වසරේ පෙබරවාරි මස 2වෙනිදා ය. එනම්, නිරතදිග වියට්නාමයේ Vinh Long පළාතේ Tra On දිස්ත්‍රික්කයේ Thien My ප්‍රජාවේ My Hung ගම්මානයේදී ය.

Vinh Long හි PhuocHauවිහාරයේ විසූ අපවත්වී වදාළ අතිපුජනිය ThichLuu Doan හිමියන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් උන්වහන්සේ 1993 වසරේ දී මහායාන බෞද්ධ භික්ෂුවක් බවට පත් විය. භික්ෂු දිවියට ඇතුළත් වූ පසු, ThichPhuoc Ngoc යන බෞද්ධ නාමය උන්වහන්සේට ලැබුණි. උන්වහන්සේගේ පෙර නම වුයේ Pham Van Cungයන්න යි.

වියට්නාමය තුළ උන්වහන්සේගේ අධ්‍යයන හා බෞද්ධ හැදෑරීම් සම්පුර්ණ කිරීමෙන් පසු 2000 - 2005 වකවානුව තුළ උන්වහන්සේ ස්වීඩනය, ඩෙන්මාර්කය සහ එක්සත් රාජධානිය යන රටවල බුද්ධ ධර්මය ඉගෙනීම හා ප්‍රගුණ කිරීම සිදු කරන ලදී. 2006 වසරේ දී වියට්නාමයට ආපසු පැමිණි පසු, වියට්නාම ජාතික බෞද්ධ සංඝ සභාව මගින් PhuocQuang විහාරයේ ආශ්‍රමාධිපති වශයෙන් උන්වහන්සේ පත්කරන ලදී. එම වකවානුවේදී ම ජාතික බෞද්ධ සංඝ සභාවේ ප්‍රචාරක කමිටු සාමාජිකයෙකු වශයෙන් ද උන්වහන්සේ පත්කරන ලදී. මෙම විහාරය උන්වහන්සේ විසින් භාර ගන්නා ලද අවස්ථාවේ දී, එය බොහෝ සෙයින් අබලන් හා අවධානයක් යොමු නොවන ස්ථානයක් වශයෙන් පැවතිඅතර උන්වහන්සේගේ ක්‍රියාශීලී නායකත්වය යටතේ සමස්; විහාරයම පිළිසකර කරන ලදී. වර්තමානයේදී එය නිරිතදිග වියට්නාමයේ බොහෝ ප්‍රසිද්ධ ආගමික ස්ථානවලින් එකක් බවට පත් ව ඇත.

ThichPhuoc Ngoc හිමියන් 2012 වසරේ දී වියට්නාමයේ Vinh Long පළාතෙහි ස්ථාපිත කරන ලද "ආදරයේ උල්පත" (Source of Love) නමැති බෞද්ධ අනාථ මධ්‍යස්ථානයේ ආරම්භකයා ද වේ. එය අනාථ, අබාධිත හා අසාධාරණයට ලක් වූ පුද්ගලයන් රැකබලා ගන්නා පුණ්‍ය ආයතනයකි. එහි අධ්‍යක්ෂක වශයෙන් උන්වහන්සේ පත්වූ අතර උන්වහන්සේගේ කළමනාකරණය හා අධීක්ෂණය යටතේ එය ක්‍රියාත්මක වේ.

2016 වසරේ දී ජාත්‍යන්තර රතු කුරුස කමිටුව මගින් පිරිනමන ලද පදක්කමක් ලබා ගත් ප්‍රථම වියට්නාම භික්ෂුව වූයේ උන්වහන්සේ ය. සෞඛ්‍යය, පරිසරය, සාමය හා පරාර්ථකාමීභාවය පිළිබඳ මනුෂ්‍ය ජීවිතය තුළ ධණාත්මක වෙනස්කම් සිදුකිරීමට මහඟු දායකත්වයන් සපයන පුද්ගලයන්ට මෙම උත්තමාචාරය හිමි වේ.

2019 වසරේ දී ThichPhuoc Ngoc හිමියන් ගෝලීය වියට්නාම වාර්;d සංවිධානය සඳහා වූ සංවර්ධන සභාවේ Development Council for the Global Vietnamese Record Organization (Viet World) සාමාජිකයෙකු බවට පත් වූ අතර උන්වහන්සේ වියට්නාම වාර්;d ආයතන සභාවේ විදේශ කටයුතු ප්‍රධානියා ද වේ. මෙහිදී වියට්නාමයේ අධ්‍යාත්මික හා බෞද්ධ සංස්කෘතිය ලොවට ප්‍රචලිත කිරීමට උන්වහන්සේ විසින් කටයුතු කරනු ලබයි.

2019 වසරේ දී, ThichPhuoc Ngoc හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වියට්නාම බෞද්ධ භික්ෂුන් හා භික්ෂුණින් කණ්ඩායමක් ලංකාවට  පැමිණියේය. උන්වහන්සේ සඳහන් කරන පරිදි  සංචාරය උන්වහන්සේගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. මෙම සංචාරයේදී අනුරාධපුර, පොලොන්නරුව හා නුවර ආදී බෞද්ධාගමික පූජණීය ස්ථාන නරඹන ලදී. එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසුරිය, විවිධ අමාත්‍යවරුන් ආදී දේශපාලඥයන් මෙන්ම හමුදාවේ සහ පොලිසියේ ඉහල නිලධාරින් රාජතාන්ත්‍රික වශයෙන් හමුවී සාකච්ඡා පවත්වන ලදී. එකී සියලු ස්ථානවලදී වියට්නාම බෞද්ධ දූත පිරිසට ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව මගින් හිමිවුයේ උණුසුම් පිළිගැනීමකි. ශ්‍රී ලංකාවේ බෞද්ධාගමට, විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනයට බෙහෙවින් ඵලදායි බවට ප්‍රත්‍යක්ෂ වූ මෙම සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංඝයා වහන්සේලා, රජය සහ සියලු බෞද්ධ ප්‍රජාව බෙහෙවින් සතුටට පත් විය. ThichPhuoc Ngoc හිමියන්ගේ අනුග්‍රහය යටතේ පිරිවෙන් අධ්‍යාපනය ලබන බෞද්ධ භික්ෂුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ oyus අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා මහෝපකාරී වැඩසටහනකි. මෙහි සමාරම්භක උත්සවය මෑතකදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

පිරිවෙන් අවසන් පරීක්ෂණයේදී ඉහළ ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට විදෙස් අධ්‍යාපන චාරිකාවක් ලබා දීමට ද කටයුතු සංවිධානය කර ඇත.

ThichPhuoc Ngoc හිමියන් විසින් බෞද්ධ කටයුතු සඳහා, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ උන්නතියට ලබා දී ඇති අද්විතීය සේවාවන් අගයනු වස් උන්වහන්සේවවියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අන්තර්ජාතික දුතයෙකු ලෙසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාව මගින් ඇගයීමට ලක්කර තිබේ. එමෙන්ම, භන්තේ ධම්මානන්ද යන නම ශ්‍රී ලංකාවේ සංඝ සමාජය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උක්ත උත්සවයේදී උන්වහන්සේට ලබා දෙන ලදී.

භන්තේ ධම්මානන්ද හිමියන් වර්තමානයේ දී ඇමරිකාවේ පදිංචිව සිටින අතර එහි ශ්‍රී ලංකා විහාරස්ථානයන්හි විවිධ බෞද්ධාගමික කටයුතුවල නිරත වේ. ඇමරිකාවේ වියට්නාම රූපවාහිks නාලිකා තුළ (Viet Media TV, Viet Face TV) බෞද්ධාගම පිළිබඳ විවිධ සාකච්ඡා සඳහා උන්වහන්සේට ආරධාන ලැබුණි. බෞද්ධාගම අනුගමනය කළ, ආත්මාරක්ෂක සටන් කාලවේ ලෝක ප්‍රසිද්ධ ප්‍රවීණයෙකු වූ  බෲස් ලී පිළිබඳ දේශනයක් ද උන්වහන්සේ විසින් පවත්වන ලදී. බෲස් ලීගේ 79වන ජන්ම දින සමරුමේ දී පැවැත්වූ එය ආත්මාරක්ෂක සටන් කලා හදාරන ප්‍රජාවට මෙන්ම බෲස් ලී යන චරිතය ප්‍රිය කරන්නන් හට මහත් සිත්ගන්නා වැඩසටහනක් විය.

ලොව විවිධ රටවල සංචාරය කරමින් භන්තේ ධම්මානන්ද හිමියන් බුදු දහම ප්‍රචාරණය සඳහා විශාල සේවාවක් ඉටු කිරීමේ කාර්යයේ නිරතව සිටිති.

පුජ්‍ය ආචාර්ය
පොල්ගස්වත්තේ පරමානන්ද හිමි

RECOMMEND POSTS