ආර්ථිකය ශක්තිමත් කරන්න ඇමෙරිකා සහාය



ඇමෙරිකා එක්සත් ජනපදය හැත්තෑ වසරක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමටත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය වීමටත් විදේශ ආධාර, ණය සහ වෙළෙඳ අවස්ථා ලබා දී ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය පවසයි.

තානාපතිනිය උපුටා දක්වමින්, නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමට සහ ආර්ථිකයට සහාය වීමට නව ණය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඊට අදාළව නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්විණි.

“නව ආයෝජන වශයෙන් ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 120 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත ළඟා වී ව්‍යාපාර සඳහා මුදල් යෙදවුම, රැකියා සහ සාධනීය අනාගත නිර්මාණය කිරීමට සහාය වෙනවා. අද කෙරෙන මෙම නිවේදනය පෞද්ගලික අංශයට සුබ ආරංචියක් වේවි” යැයි ද තානාපතිනිය සඳහන් කර ඇත.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය වෙත ණය දීම පුළුල් කිරිමට සහ ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යවසාය අතරින් සියයට 25ක් නියෝජනය වන පරිදි කාන්තා හිමිකාරීත්වය සහිත ව්‍යාපාර සඳහා ණය සම්බන්ධයෙන් පවතින අඩුව පියවා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතව වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව වෙත ඩොලර් මිලියන 100ක ඍජු ණයක් ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘතිවලට අදාළ වන බව ද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


RECOMMEND POSTS